Wednesday, June 8, 2022
නුඹ කියන්නෙම....................................🥺🖤
උඹ ගැන මගේ හිතේ තිබුනේ
කවුරුවත් නැති වුනාම විතරක්
මතක් වෙන බැඳීමක් නෙවෙයි
කවුරු හිටියත් නැතත් උඹව විතරක්ම
මතක් වෙන බැඳීමක්
ලස්සන අය කොච්චර ඇස් ඉස්සරහට ආවත්
වෙන කවුරුවත් හිටියත් උඹ තරම් ලස්සන
වෙන කෙනෙක් මට හිටියේ නෑ
ඒක උඹට විතරක්ම මේ හිත ඇබ්බැහිවුන බැඳීමක්
හිත රිදෙන වේදනා තිබුන තැන් තිබුනත්
මට උඹව කවදාවත් අත් හරින්න හිතුනේ නෑ
ඒක අඩුපාඩු හදාගෙන ජීවිතේ ඉස්සරහට
යන්න ඕනේ කියලා හිතුන බැඳීමක්
මට කොච්චර හිත රිදිලා තිබුනත්
උඹේ ඇස්වල කඳුලු දකින්න මං කැමති වුනේ නෑ
ඒක ඇත්තටම යන්නම ගිහිල්ලත් හැරිලා ඇවිත්
උඹව තුරුල් කර ගන්න හිතුන බැඳීමක්
අත් හැරෙන මග හැරෙන මොහොතකත්
හදවත තදින් බදාගන්න
ඇස්වලට කඳුලු පිරෙන දවස්වලටත්
උඹේ උණුහුම වෙනුවෙන් ලඟ රැඳුන
ඒක මේ ජීවිතේම
උඹ විතරමයි කියලා හිතුන හැඟීමක්
ඒ හැඟීම්වල තිබුනේ එකම එක විඳීමක්
ඒ මම ජීවත් වෙන්නේ උඹ වෙනුවෙන්මයි
කියලා හිතුන හැඟීමක්
හිමිවීමක් තිබුනත් නැතත් ඇත්තටම
ඒක අසීමාන්තිකම ආදරයක්
සීමාවක් කොහෙවත්ම නැති
අත් හැරුනත් කවදාවත් වෛර කරන්නත් බැරි
නුඹ කියන්නෙම,
විඳීමක් ඇතුලේ බැඳුන ආදරනීයම හැඟීමක්.,
Subscribe to:
Posts (Atom)








