Thursday, October 27, 2022

අවුස්සගන්න..... නිවෙන්න......


 
""ගැහැණු අවුස්සන්න අමාරුයි...
ඇවිස්සුවා ම නිවන්න ත් අමාරුයි"..
ඔව් ඒ කතාවේ ඇත්තක් තිබුනා
තියනවා....
ගැහැණු ආසම හැගීම්
අවුස්සන්න පිරිම්න් ට.....
ගැහැණු ආසම අතොරක් නැතිව
සිප ගැනීම් වලට
විතරක් නෙමෙයි
දැනෙන උණුහුම් පහසට...
හැගීම් වලින් පිරුණු
ආදරණිය බැල්මට.....
ඇත්තටම කිව්වොත්
කොයි ගෑනි ත් කැමති
හිතුවක්‌කාර පිරිම්න් ට....
හැම ගැනියෙක් අස්සේ ම ඉන්න
ආදරණිය පෙම්වතිය...
දයාබර බිරිද....
සොදුරු ගැහැණිය....
හිතුවක්කාර යෙහෙළිය...
අවාසනාවකට
හැම පිරිමියා ට ම
එලියට ගන්න බැහැ....
ඉතින් එහෙම පිරිමියෙක්
මුණ ගැහැණු දවසට
ගැහැණු දෙපාරක් හිතුවේ නෑ
හුස්ම උනත් දෙනවා....
ඒක තමයි ඇත්ත....
ඔව්...
පිරිමි නිවෙන්නේ ඒ වගේ ගැහැණු ළඟ
ගැහැණු ඇවිලුනේ ඒ වගේ පිරිමි ළඟ....
ඒකට කොහේද
සම්මතයක්‌
අසම්මතයක්.....
ඒක ලස්සන හීනයක්....
අවසානේ හුගක් ලස්සන...

Wednesday, June 8, 2022

නුඹ කියන්නෙම....................................🥺🖤

උඹ ගැන මගේ හිතේ තිබුනේ කවුරුවත් නැති වුනාම විතරක් මතක් වෙන බැඳීමක් නෙවෙයි කවුරු හිටියත් නැතත් උඹව විතරක්ම මතක් වෙන බැඳීමක් ලස්සන අය කොච්චර ඇස් ඉස්සරහට ආවත් වෙන කවුරුවත් හිටියත් උඹ තරම් ලස්සන වෙන කෙනෙක් මට හිටියේ නෑ ඒක උඹට විතරක්ම මේ හිත ඇබ්බැහිවුන බැඳීමක් හිත රිදෙන වේදනා තිබුන තැන් තිබුනත් මට උඹව කවදාවත් අත් හරින්න හිතුනේ නෑ ඒක අඩුපාඩු හදාගෙන ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ කියලා හිතුන බැඳීමක් මට කොච්චර හිත රිදිලා තිබුනත් උඹේ ඇස්වල කඳුලු දකින්න මං කැමති වුනේ නෑ ඒක ඇත්තටම යන්නම ගිහිල්ලත් හැරිලා ඇවිත් උඹව තුරුල් කර ගන්න හිතුන බැඳීමක් අත් හැරෙන මග හැරෙන මොහොතකත් හදවත තදින් බදාගන්න ඇස්වලට කඳුලු පිරෙන දවස්වලටත් උඹේ උණුහුම වෙනුවෙන් ලඟ රැඳුන ඒක මේ ජීවිතේම උඹ විතරමයි කියලා හිතුන හැඟීමක් ඒ හැඟීම්වල තිබුනේ එකම එක විඳීමක් ඒ මම ජීවත් වෙන්නේ උඹ වෙනුවෙන්මයි කියලා හිතුන හැඟීමක් හිමිවීමක් තිබුනත් නැතත් ඇත්තටම ඒක අසීමාන්තිකම ආදරයක් සීමාවක් කොහෙවත්ම නැති අත් හැරුනත් කවදාවත් වෛර කරන්නත් බැරි නුඹ කියන්නෙම, විඳීමක් ඇතුලේ බැඳුන ආදරනීයම හැඟීමක්.,

Tuesday, May 31, 2022

අඩවන් හැඟුමන්

අඩවන් දෑස්..
හැඟුමන් පුබුදන මනසේ..
නිතර ම සෙනෙහේ ගලනා වදනින් සිතුසේ..
කවියක් තරම් සොඳුරුයි ..
හිතෙනා විලසේ..
දිනිසුරු නුඹ යි මගේ ආදර හිත් අහසේ..

හුස්ම...නුඹ

පපුවේ හිර කරන් මගේ හුස්මක් තරම..
දෑසේ රකිමි පෙනෙනා තැනකින් ළඟම..
දැනෙනා විට දි අන්සතු බව නුඹේ පෙම..
ගැස්මක් මොටද ..
දැන් නවතිනු ,
නුඹ 
හුස්ම...
Back to Top